ඇමෙරිකාවට කඩා වැදුණු ප‍්‍රචණ්ඩ හිම කුණාටුවක් හේතුවෙන් එරට ප‍්‍රාන්ත හයක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
හිම කුණාටුවෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් මිලියන 4 කට විදුලි බලය අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ටෙක්සාස්, මිසිසිපි, කෙන්ටකි, ඇලබාමා, ඔරිගන් සහ ඔක්ලහෝමා යන ප‍්‍රාන්තවලටය.
හිම කුණාටුවේ බලපෑම් එල්ල වේවි යැයි ඇමෙරිකා කාලගුණ විද්‍යාඥයන් මිලියන 150 කට වැඩි පිරිසකට කල් තියා අනතුරු ඇඟවීම් කර තිබුණු බව ද වාර්තා වේ.
හිම කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ටෙක්සාස් ජනපදයටය. ටෙක්සාස් හි සිදුවුණු අනතුරු ගණන 120 ක් බවත්, 13 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඒ.එෆ්.පී.