ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 7, 2021

ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටිලා

ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ග්ලැසියරක් කඩා වැටීමෙන් අලක්නන්දා සහ දූලිගංඟා යන ගංඟා පිටාර ගලන්නට පටන් ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

මේ හේතුවෙන් දහස් ගණනක් මුදාගැනීමට ස්ථානවලට යොමු කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

ග්ලැසියරට කඩා වැටීමෙන් උත්තරාකාන්ද් ප්‍රාන්තයේ චමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි රිෂිගංඟා විදුලි බල ව්‍යාපෘතියට ද හානි සිදු වී ඇතැයි වාර්තා වේ. 

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිටත් ආපදා කණ්ඩායම් පිටත් කර ඇතැයි ද ඉන්දීය බලධාරීහු සඳහන් කළහ.  

ඉන්දීය හමුදා ද මේ වනවිට මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින අතර හෙලිකොප්ටර් යානා තුනක් ද මීට සම්බන්ධ කර ඇත. 

 මෙම ව්‍යවසනයෙන් 100ත් 150ත් අතර පිරිසක් මියගොස් ඇතැයි උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් ඕම් ප්‍රකාශ් ඒ.එන්.අයි. පුවත් සේවයට පැවැසීය. 

තවත් සිය ගණනක් ඔවුන් සිටි ස්ථානවල සිර වී ඇතැයි ද බලධාරීහු බිය පළ කරති.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom