අර්ධ වශයෙන් අන්තර්ජාල පහසුකම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 7, 2021

අර්ධ වශයෙන් අන්තර්ජාල පහසුකම්

මියන්මාරයේ අන්තර්ජාල පහසුකම් අර්ධ වශයෙන් නැවත ස්ථාපිත කර ඇතැයි වාර්තා වේ. 

මියන්මාර හමුදාව එරට නායික අවුන් සාන් සූකී අත්අඩංගුවට ගනිමින් ඉකුත් දා එරට බලය අත්පත් කරගත්තේ ය. 

ඒත් සමඟ එරට මහජනතාවගෙන් හමුදාවට දැඩි විරෝධයක් එල්ල වූ අතර මහජනතාව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාර්ග ඔස්සේ සිය විරෝධය පළ කළහ. 

ඒ සමඟ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට මියන්මාර හමුදාව පියවර ගත්තේ ය. 

එසේ අත්හිටවූ අන්තර්ජාල මේ වනවිට අර්ධ වශයෙන් නැවත ස්ථාපිත කර ඇතැයි ‘නෙට්බ්ලොක්ස්’ සංවිධානය සඳහන් කරයි. 

‘නෙට්බ්ලොක්ස්’ යනු සයිබර් ආරක්ෂාව සහ අන්තර්ජාල පාලනය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන රාජ්‍ය නොවන සංවිධානයකි. 

ඒ.එෆ්.පී.

Classified_Ad