
අර්බුදයට ලක්වුණු කාශ්මීර ප‍්‍රදේශය මුල්කොට ගනිමින්, ඉන්දියාවත් පාකිස්තානයත් අතර ස්ථිරසාර සටන් විරාමයකට එකඟතාව පළ විය.
සටන් විරාමයට අනුව, මින් ඉදිරියට දෙරට අතර වෙඩි තබා ගැනීම් කිසිවක් සිදු නොකරන බවට ඉන්දීය හමුදාවත් පාකිස්තාන හමුදාවත් ප‍්‍රතිඥා දුන්නේය.
ස්ථිරසාර සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඉන්දු පාකිස්තාන හමුදාපතිවරුන් අතරේය.
‘දේශසීමාවේ ස්ථිරසාර සටන් විරාමයක් පවත්වා ගෙන යෑමටත්, වෙඩි තබා ගැනීම් නැවැත්වීමටත් දෙරටේ හමුදා තීරණය කර තිබෙනවා. සටන් විරාමය අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වෙනවා’ යැයි ඉන්දීය හමුදාවත් පාකිස්තාන හමුදාවත් එක් වී විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ.
කාශ්මීරය ඉන්දු කාශ්මීරය සහ පාකිස්තාන කාශ්මීරය ආදී වශයෙන් ඉන්දියාවටත් පාකිස්තානයටත් අයත් වෙයි.
කාශ්මීර ප‍්‍රදේශය මුල්කොට ගනිමින් දෙරට අතර වෙඩි හුවමාරු, ෂෙල් සහ මෝටාර් ප‍්‍රහාර නිරන්තරයෙන් සිදුවෙයි.
පසුගිය වසරේ ඉන්දීය හමුදා එල්ල කළ මෝටාර් ප‍්‍රහාරයකින් පාකිස්තානයට අයත් ප‍්‍රදේශවල සිවිල් වැසියන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 257 ක් තුවාල ලැබූ බවත් පාකිස්තානය චෝදනා කරයි.
පසුගිය 2020 වසරේ පාකිස්තාන හමුදාව, ඉන්දියාව සමඟ පවතින සටන් විරාමය 5,133 වතාවක් කඩ කර ඇතැයි ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පෙරළා චෝදනා නගා තිබේ.
රොයිටර්