
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021 නිලවරණයේදී උප සභාපති ධූරයකට තරග කිරීමට නාමයෝජනා බාරදුන් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.
සීලරතන හිමියන් යෝජනා කළ ක්‍රීඩා සමාජය ලෙස වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නම්ශ් කර ඇති අතර එම ක්‍රීඩා සමාජය ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජික ක්‍රීඩා සමාජයක් නොවන බව දැනගන්නට තිබේ.
ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට මාර්තු 5 වැනිදා දක්වා අවස්ථාව තිබේ.