ඉරානය හැදූ දෙවැනි එන්නත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 11, 2021

ඉරානය හැදූ දෙවැනි එන්නත

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ඉරානය නිපදවා ඇති දෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදා ගත් බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

මෙම දෙවැනි එන්නත නිපදවා ඇත්තේ ඉරානයේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගමේ මැදිහත්වීමෙනි. 

සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම ඉරානයේ වසර 100 ක් පැරැණිතම ඖෂධ නිෂ්පාදන සමාගමක් ද වෙයි. එන්නත නම් කර ඇත්තේ ‘රාසී’ යනුවෙනි. 

මෙය ආර්.එන්.ඒ. එන්නතක් බවත්, ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අවසරය සහ අනුමැතිය පරිදි සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බවත් සේරම් සමාගම මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

ආරම්භ වුණු සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු 130 දෙනකු සම්බන්ධ කරගත් බවත් එන්නත ලබා දීමෙන් පසු ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් පැවැසෙයි. 

ඒ.එෆ්.පී

Classified_Ad

Classified_Ad_News_Bottom