‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් දින තුනක් පහක් ඇතුළත සුවපත් කිරීමට ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන් නිපද වූ ‘ඉන්හේලරයට’ හැකියාව ඇතැයි එරට පුවත් සේවා පවසයි.
මෙම ඉන්හෙලරය සාමාන්‍යයෙන් ඇදුම රෝගීන් භාවිතයට ගන්නා හුස්ම ගැනීම පහසු කරවන ඉන්හෙලරයක් වන අතර, ඊට හොඳා ගන්නා ඖෂධය සුවිශේෂී එකකි.
එය නිපදවා ඇත්තේ ටෙල් අවීව් සොව්රොව්ස්කී වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය නදීර් අර්බාර් ඇතුළු විද්‍යාඥයන්ය.
කොරෝනා ආසාදිත රෝගීන් 30 දෙනකු යොදා ගනිමින් මෙම ඉන්හේලරය පළමු වටයේ සායනික අත්හදා බැලීම්වලට යොදා ගනිද්දී, 29 දෙනකු දින 3 ත් 5 ත් අතර කාලයක ඇතුළත සුවය ලබා ඇත.
ඉන්හේලරය, සායනික අත්හදා බැලීම් යටතේ ලබා දී ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් පෙනහලු ආසාදනය වූ රෝගීන්ටය.
ඒ.එෆ්.පී.