'මියුසස් පබ්ලිෂින්' අලුත් වැඩකට මුලපුරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 23, 2021

'මියුසස් පබ්ලිෂින්' අලුත් වැඩකට මුලපුරයි

ශ්‍රී ලාංකික නවකතා කලාවට, නව පන්නරයක් වෙමින්, ආකර්ශණීය අයුරින් නවකතා සහ කවර නිර්මාණය කරමින්, පාඨකයන්ගේ ආදරය දිනූ පොත් ප්‍රකාශන ආයතනයක් වන්නේ මියුසස් පබ්ලිෂින් හවුස් ය.
 
පෙට් සෙමෙට්‍රි, කල්කි, සෑන්ඩ්ස්ටෝම් යන මියුසස් පොත් හරහා බුක්මාක්, මග්ස් ආදිය ද පාඨකයන්ට තිළිණ කළ මියුසස් පබ්ලිෂින් හවුස් කණ්ඩායම, ඔවුන්ගේ නවතම කෘතිය හරහා අලුත් වැඩකට අතගසා තිබේ. 

එය සැබැවින්ම අගය කළ යුත්තකි. 

මියුසස් පබ්ලිෂින් හවුස් පාඨකයන්ට තිළිණ කිරීමට නියමිත නවතම කෘතිය වන්නේ සේපාලි මායාදුන්නේ විසින් රචිත 'හින් දොස් මාලේ' නවකතාවය.

'හින් දොස් මාලේ' නවකතාව එළිදැක්වීමත් සමඟ තමන් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න මියුසස් කණ්ඩායම ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් පළ කර ඇත. 

 ප්ලා‍ස්ටික්, පොලිතින් භාවිතය, ෂොපින් බෑග් භාවිතය අද ලංකාවේ අපට පමණක් නොව, ලෝකයටම ඇති ගැටලුවකි. පරිසරයට ආදරේ කරන සැවොම කළ යුතු වන්නේ පොලිතීන් භාවිතය අඩු කිරීමය. ප්ලාස්ටික්, පොලිතීන් සහ ෂොපින් බෑග් භාවිතය අඩු කිරීමටය. 

මීට විසඳුමක් ලෙස මියුසස් පබ්ලිෂින් හවුස් කණ්ඩායම, 'හින් දොස් මාලේ' නවකතාව සමඟ යළි යළිත් භාවිතයට ගත හැකි ආකාරයේ සවිමත් අමු රෙදි බෑගයක් තිළිණ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ. 

 ප්‍රකාශකයකු ලෙස, නැතිනම් පරිසරයට ආදරය කරන ප්‍රකාශකයකු ලෙස මියුසස් පබ්ලිෂින් හවුස් කණ්ඩායම ගත් මෙම තීරණය ඇගයීමට ලක් කළ යුතු නොවේද? 

 'හින් දොස් මාලේ' නවකතාව මාර්තු මස 8 මුද්‍රණයෙන් නිකුත් වීමට නියමිතය. 

෴සාගර

Classified_Ad

Classified_Ad_News_Bottom