පෞද්ගලික අංශයටත් ප්‍රමුඛත්වය දෙන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 10, 2021

පෞද්ගලික අංශයටත් ප්‍රමුඛත්වය දෙන්න

‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන යටතේ පෞද්ගලික අංශයේ සිටින සෞඛ්‍ය සේවකයන්ට ද ප්‍රමුඛත්වය දෙන්නැයි පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 

පෞද්ගලික සුව සේවකයන් තවමත් රජයේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලැයිස්තුගත කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ වසංගත ප‍්‍රතිචාරයේදී පෞද්ගලික අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බැවින් මේ පිළිබඳව නැවත සලකා බලන්නැයි රජයෙන් ඉල්ලන බව ද පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සඳහන් කරයි. 

මෙරට සිටින බාහිර රෝගීන්ගෙන් සියයට 50කට වැඩි පිරිසකට ප‍්‍රතිකාර කරමින් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව පෞද්ගලික අංශය සිදු කළ කාර්යභාරය සිහිපත් කරන බව ද එම සංගමය කියයි. 

‘කොවිඩ්-19’ වයිරසය පැතිර යෑම හා අවදානම අවම කිරීමට රජයේ සුව සේවා ආයතන කැපවී ක‍්‍රියා කරමින් සිටින අතරතුර රෝගීන්ට නිසි වේලාවට අඛණ්ඩව ප‍්‍රතිකාර ලබා දීමට පෞද්ගලික අංශය සමත් වූ බව සංගමය පවසයි.

Classified_Ad