සරසවි සිසුන්ට ලැප්ටොප් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 10, 2021

සරසවි සිසුන්ට ලැප්ටොප්

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින සිසු සිසුවියන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 

ඒ අනුව මේ වසරේදී විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සූදානමින් සිටින සිසු සිසුවියන් හයදෙනකුට අදාළ වැඩසටහන සංකේතවත් කරමින් ලිපි බාරදීම ජනාධිපතිවරයාගේ අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි. 

සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස “සෞභාග්‍යයේ දැක්මේ” අපේක්ෂාව පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහජන බැංකුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි. 

අන්තර්ජාල සම්බන්ධතාව, මෘදුකාංග පැකේජය සහ වසර හතරක වගකීමක් සහිතව ලැප්ටොප් පරිගණක පිරිනැමේ. පරිගණකයක වටිනාකම රුපියල් 80,000කි. රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර හයකින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ. 

ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom