කොරෝනා අඩු කළේ ප්‍රෝටීනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 10, 2021

කොරෝනා අඩු කළේ ප්‍රෝටීනයක්

ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලට සාපේක්ෂව, ආසියානු රටවල ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන්නේ ඇයිදැයි යන්න ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් පැහැදිලි කර තිබේ.

වෛද්‍ය පර්යේෂකයන්ගේ පැහැදිලි කිරීමට අනුව, ඇමෙරිකා සහ යුරෝපා රටවල ‘කොකේසියානු’ වැසියන්ගේ සිරුරේ, ආසියානු රටවල වැසියන්ගේ සිරුරුවල ඇති ප්‍රෝටීනයක් අඩු වී පවතී.

මෙම ප්‍රෝටීනය පෙනහළු ප්‍රෝටීනයක් වන අතර, එය නොමැති වීම නිසා ‘කොකේසියානු’ වැසියන් ආසියානු වැසියන්ට වඩා වයිරසයට වැඩි වශයෙන් ගොදුරු වන බව පැවැසෙයි.

මේ බව අනාවරණය කළේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්‍යාණී නගරයේ පිහිටි ජෛව විද්‍යා තාක්ෂණ ආයතනයයි. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, මෙහි වෛද්‍ය පර්යේෂකයන් පසුගිය වසර පුරාවට පරීක්ෂණ පවත්වා ඇති බවත්, ඒ අනුව මෙම ප්‍රෝටීනය ගැන දැන ගන්න ලැබුණු බවත් පැවැසෙයි.

එන්.ඩී.ටීවී.

Classified_Ad