තාවකාලික ගුවන් තහනම ඉවතට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2021

තාවකාලික ගුවන් තහනම ඉවතට

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව එම ගුවන් තහනම පසුගිය 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වහාම ඉවත් කෙරෙන බවද එම අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සදහන් වෙයි. 

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති සංචාරක මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ. 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14 නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

කොවිඩ් වයිරසයේ නව ප්‍ර⁣භේදයක් සීඝ්‍රයෙන් බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඉකුත් දෙසැම්බර් මාසයේ මැද භාගයේ සිට එරට සිට ⁣මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට රජය තීරණය කර තිබුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom