සාර්ක් රටවල් අතරේ විනියම හුවමාරු පහසුකම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 7, 2021

සාර්ක් රටවල් අතරේ විනියම හුවමාරු පහසුකම්

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ඉන්දීය මහ බැංකුවෙන් ලබාගත් විනිමය හුවමාරු පහසුකම නිසි කලට පිය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මෙරට සංචිත මුදල් ශක්තිමත් කිරීම ඉන්දීය මහ බැංකුවෙන් මීට මාස හයකට පෙර මෙම පහසුකම ලබාගන්නා ලදී. විනිමය හුවමාරු පහසුකම, ‘ස්වැප් පහසුකම’ යනුවෙන් හැඳින්වේ. 

එහිදි බැංකු දෙකක් අතර ගනුදෙනුවක් වශයෙන් මෙය සිදුවන අතර මෙම පහසුකම යටතේ ඉන්දීය මහ බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් ලබාගන්නා ලදි. ඒ වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දීය මහ බැංකුවට අදාළ මුදල රුපියල්වලින් ගෙවිය යුතු ය. 

 ඒ අනුව නියමිත දිනට අදාළ මුදල පියවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. අදාළ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබාගත් මුදල කලින් පියවන ලෙස ඉන්දියාව ඉල්ලීමක් නොකළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ලබාගන්නා විනිමය හුවමාරු පහසුකම, ‘ස්වැප් පහසුකම’ මාස හයකින් පසු දීර්ඝ කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනුමැතිය ලබා ගත යුතු ය. 

මෙම විනිමය හුවමාරු පහසුකම, ‘ස්වැප් පහසුකම’ තවදුරටත් දීර්ඝ කරගැනීම සඳහා සාකච්ඡා කරන බවත් ඊට අමතරව ඉන්දීය මහ බැංකුව සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියනයක විනිමය හුවමාරු පහසුකමට, (‘ස්වැප් පහසුකම’) එළැඹීම සඳහා ද සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් කීය.

Classified_Ad

Classified_Ad_News_Bottom