මුහුදේ මඟුල් කාපු යුවළ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 7, 2021

මුහුදේ මඟුල් කාපු යුවළ


වී. චින්නදුරෛයි සහ එස්. ස්වේතා යුවළ පසුගිය දා විවාහ වූහ. ඔවුන්ගේ මංගල උත්සවය අසාමාන්‍ය එකක් විය. 

මංගල උත්සවය පැවැත්වූයේ අඩි 60 ක් මුහුදු පතුළේය. එහෙයින්, මුහුදු පතුළේ පැවැත්වුණු 'මඟුල' ඉන්දියානුවන්ගේ පමණක් නොව ලොව කාගේත් අවධානයට පාත්‍ර විය. ඉතිං මේ යුවල ඇයි මේ විදියට මඟුල් කෑවේ? 

ඒක හොඳ ප්‍රශ්නයකි. හොඳ පිළිතුරකුත් තිබේ.

 වී. චින්නදුරෛටයි සහ එස්. ස්වේතා ඉන්ජිනේරු යුවළකි. 

සාගර දූෂණය සම්බන්ධයෙන් සහ ජලය දූෂණය වීම සම්බන්ධයෙන් ඒ ගැන ලෝ වැසියන්ගේ අවධානය යොමු කිරීම, දෙදෙනාගේ අරමුණ විය. එය සාර්ථක විය. දෙදෙනා ලබා දුන් පණිඩුවය මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී තිබේ. 

චින්නදුරෛයි දක්ෂ කිමිඳුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වූ අයෙකි. ඔහු මාස ගණනාවක් ස්වේතා කිමිඳුම්කාරියක වීමට පුහුණු කළේය. ඒ මංගල දිනයට මාස කීපයකට පෙර සිටය. 

ජනවාරි 21 වැනිදා මංගල දිනය උදා විය. 

මුහුදු පතුළේ විවාහ මංගල උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් උපදෙස් ගත්තේ ධීවරයන්ගෙනි. ඒ අනුව ආරක්ෂිත තැනක් ඒ වෙනුවෙන් තෝරා ගැනීම සිදුවිය. 

පෙර පුහුණුවීම් වලදී කිමිඳුම් කට්ටලවලින් සැරසී සිටියත්, මංගල දිනය දා සම්ප්‍රදායික මංගල ඇඳුමින් සැරැසී, යුවළ මුහුදට පැන්නේ ස්කූබා කිමිඳුම් කට්ටල එල්ලන්ය. 

යුවළගේ සහායට අති දක්ෂ කිමිඳුම්කරුවෝ 8 දෙනෙක් ද එක් වී සිටියහ. මංගල නැකත උදා වෙද්දී, මුහුදට පැන්න යුවළ 'තාලී' පිළිවෙත් අනුගමනය කරමින් විවාහ වූහ. 

මිනිත්තු 45 ක් මුහුදු පතුළේ ගත කළ යුවළ ආපසු වෙරළට එද්දී, දෙපාර්ශ්වයේ පවුලේ අය සහ නෑදෑ හිතමිතුරන් පමණක් නොව, මාධ්‍යවේදීහු පවා ඔවුන් පිළිගැනීමට සූදානමින් සිටියහ.

 ඒ, මුහුණු ආවරණ පැලඳ සෞඛ්‍ය නීති අනුගමනය කරමිණි. ඉතිරි විවාහ චාරිත ඉන්පසු සිදුවිය. 

බෲට් ඉන්දියා ඇසුරිනි

Classified_Ad