උපන් දිනය දා මීයා දුකෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

උපන් දිනය දා මීයා දුකෙන්

PornHub හරහා Porn Star කෙනකු විදියට බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටින මීයා කලීෆා පසුගිය 10 වැනිදා සිට 28 වැනි උපන් දිනය සැමරුවාය. 

ඒත් ඇය ඒ ගැන සතුටු වන්නේ නැත. ඊට හොඳ හේතුවක් තිබේ. 

මීයා කලීෆා යන නමින් කාලයක් අසැබි වීඩියෝවල පෙනී සිටි ඇගේ සැබෑ නම මීයා කෝලිස්ටාය. උපත ලබා ඇත්තේ 1993 පෙබරවාරි 10 වැනිදාය. 

ඇය හැදී වැඩී ඇත්තේ කතෝලික දැරියක ලෙසය. මීයා ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ වයස අවුරුදු 7 දීය. ඒ, ලෙබනනයේ සිටය. 

ඇමෙරිකාවට පැමිණ අසැබි වීඩියෝවලට එක් වෙමින් ඇය එක රැයින් ජනප්‍රිය වූවාය.
ඇය එම වීඩියෝ බොහොමයක පෙනී සිටියේ හිජාබයකින් සැරසීය. හිජාබය පැලැඳ අසැබි වීඩියෝවල පෙනී සිටි නිසා මීයා කලීෆා ට මරණීය තර්ජන එල්ල වීමට පටන් ගත්තේය. ඒ, අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙනි. 

මේ බව මීයා ප්‍රසිද්ධියේ පවසා ඇත. අයි.එස්. ත්‍රස්තවාදීන් තමන්ගේ ගෙල සිඳ දැමීමට සූදානමින් සිටිනවා යැයි මීයා පවසා තිබේ. එම තර්ජන හේතුවෙන් මීයා ඇගේ Porn Star චරිතයෙන් සමුගත්තාය. 
'මං දන්නවා අයි.එස්. ත්‍රස්තයෝ හදන්නේ මා බිය ගන්වන්න. ඔවුන් ඕනෑ මා බයේ සිටිනවා දකින්නයි. ඇත්ත. මා බයයි. ජීවිත කාලයම මට දැන් බයේ ජීවත් වෙන්න සිදුවෙනවා. ඒක මගේ අවාසනාව. මා උපන් දිනය සමරවා. ඒත් මා ඉන්නේ සතුටින් නොවෙයි. යාළුවෝ මාව සතුටින් තියන්න උත්සාහ ගන්නවා. ඒත් මගේ සිතට සතුටක් නැහැ. සැනසිල්ලක් නැහැ' යැයි මීයා කලීෆා පවසා තිබේ. 
පසුගිය වසරේ ලෙබනන් වරායේ මහා පිපිරුමෙන් පසු අසරණ වූ ලෙබනන් වැසියන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට පවා මීයා කලීෆා කටයුතු කළාය. එය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය. 

ඇමෙරිකන් පුවත් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom