සුපර් මෑන් සහ ලොයිස්: අලුත් වෙනසක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 26, 2021

සුපර් මෑන් සහ ලොයිස්: අලුත් වෙනසක්

මාවල් සුපිරි වීරයන් රිදී තිරයෙන් ජනප්‍රිය වෙද්දී, ඩී.සී. වීරයන් වඩාත් ජනප්‍රිය වූයේ CW පුංචි තිරයෙනි. 'ඇරෝ' කතාමාලාව හරහා ඇරැඹි 'ඇරෝවර්ස්' ජනප්‍රිය වීමට පටන් ගත්තේ 'ෆ්ලෑෂ්', 'සුපර් ගර්ල්', 'බ්ලැක්ලයිට්නිං', ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ' ආදී වශයෙනි. 

'සුපර් ගර්ල්' හරහා 'සුපර්මෑන්' චරිතය ප්‍රතිනිර්මාණය විය. 'සුපර්මෑන්' මෙන්ම ක්ලාක් කෙන්ට් ලෙස චරිත නිරූපණයට එක් වූයේ 'ටීන් වුල්ෆ්' කතාමාලාවෙන් ජනප්‍රිය වූ ටයිලර් හෙක්ලිං ය. 

'සුපර්මෑන්' මෙන්ම ක්ලාක් කෙනට්ගේ ආදරවන්තිය සහ බිරිඳ ලොයිස් ලේන් ලෙස චරිත නිරූපණයෙන් එක්වූයේ 'ග්‍රිම්' කතා මාලාව හරහා ජනප්‍රිය වූ එලිසබෙත් ටැලෙක් ය. 
දැන් 'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' යන නමින් මොවුන් දෙදෙනා පාදක කර ගනිමින් නිර්මාණය වූ නවතම කතාමාලාව CW පුංචි තිරයේ දිග හැරෙයි. 

කවුරුත් පුදුම කරමින්, 'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' නරඹන්නන්ගේ පමණක් නොව, විචාරකයන්ගේ ද පැසැසුමට ලක් වී තිබේ. 'සුපර් මෑන් සහ ලොයිස්: අලුත් වෙනසක්' යන්න විචාරකයන්ගේ අදහස වී තිබේ.

'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' කතාමාලාව නිර්මාණය කරන්නේ ක්‍රෙග් බර්ලැන්ටි සහ ටොඩ් හෙල්බිංග් ය. මෙයි පළමු කොටස් දෙක, CW හරහා පසුගිය දා විකාශය විය.

'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' නූතන සමාජය හා බද්ධ කරමින්, සුපර්මෑන්ට ආදරේ රසික රසිකාවියන්ට වෙනස්ම විදියේ අත්දැකීමක් ලබා දීම බර්ලැන්ටි සහ හෙල්බිංග්ගේ උත්සාහය වූ අතර, එය සාර්ථක බව අවිවාදයෙන් පිළිගත යුතුය. 

මහා පරිමාණයේ සුපිරි ව්‍යසනවලින් පෘථිවිවාසීන් ආරක්ෂා කරමින්, නපුරු පිටසක්වළයන් සහ සුපිරි නපුරන්ට එරෙහිව සටන් කරමින් අයුක්තිය අසාධරණයට එරෙහිව නැගී සිටින මහා බලසම්පන්න සුපර්මෑන්, එසේත් නැතිනම් ක්ලාක් කෙන්ට් වෙනස් ම ආකාරයේ අභියෝගයකට මුහුණ දෙයි. 

ඒ, යොවුන් වියේ පසුවන නිවුන් පුතුන් දෙදෙනකුගේ පියකු ලෙසය. 

මාධ්‍යවේදියකු ලෙස රැකියාවේ පීඩනය, විවාහ ජීවිතයේ හැල හැප්පීම් මෙන්ම නූතන සමාජයේ අප කවුරුත් වාගේ මුහුණ දෙන ප්‍රශ්නවලට සුපිරි වීරයා ද මුහුණ දෙයි.

'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' කතා මාලාව වෙනස් වන්නේත්, එය සාර්ථක නව නිර්මාණයක් ලෙස විචාරක පැසැසුමට ලක් වී ඇත්තේත් මෙම කතා තේමාව නිසාය. 

 ක්ලාක්, දෙබිඩි ජීවිතයක් ගත කරයි. ඒ ක්ලාක් ලෙස සහ සුපර්මෑන් ලෙසය. 

ලොයිස් ඒ රහස දන්නා නමුත්, පුතුන් දෙදෙනා මුලදී රහස දන්නේ නැත. ඔවුන් තුළ සුපිරි හැකියාවන් වර්ධනය වනතුරු එම රහස ඔවුන්ගෙන් සඟවා තබන්න ක්ලාක් සහ ලොයිස් තීරණය කර තිබේ. 

'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' ආරම්භ වන්නේ මෙවැනි පසුබිමකය.
නිදහස් දිවියක් අපේක්ෂාවෙන්, ක්ලාක් සහ ලොයිස් පුතුන් ද සමඟ ස්මෝල්විල් ගම්පළාතේ ක්ලාක්ගේ ගොවිපොල නිවසේ පදිංචියට යති. 

ස්මෝල්විල් යන ක්ලාක් පවුලට, ක්ලාක්ගේ පාසල් වියේ පළමු පෙම්වතිය ලානා ලෑන් ද හමුවෙයි. ලානා විවාහ වී ඇත්තේ ගිනි නිවන හමුදාවේ නිලධාරියකු සමඟය. ලානා ට ද යොවුන් දියණියක සිටී. ඇය සේරා ය. 'සුපර්මෑන් ඇන්ඩ් ලොයිස්' ඇරඹෙන්නේ මෙලෙසය.

Classified_Ad

Classified_Ad_News_Bottom