බැචලේගේ වාර්තාව එයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 26, 2021

බැචලේගේ වාර්තාව එයි

ජාතික ක්‍රියාවලියක් තුළින් යුක්තිය පසිඳළීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා රජය දොර වසා ඇතැයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ පවසා තිබේ.

ජාතික ක්‍රියාවලියක් තුළින් දුර්විපාක නොලබා සිටීම සත්‍ය හා අවංක ක්‍රියාවලියට ශ්‍රී ලංකා රජය දොර වසා ඇතැයි ද ඇය එහිදි කීවාය. 

විඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරය අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය. අතීතයේ සිදුවු මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් වගවීම ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම අසමත් වී ඇතැයි ද සැසිවාරය අමතමින් මහ කොමසාරිස්වරිය කීවාය. 

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 12ක් ගත වී තිබුණ ද වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමටත් සංහිඳියාව/ප්‍රතිසන්ධානය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාමාර්ග අපොහොසත් වී ඇතැයි ද ඇය පැවැසුවාය. ඉකුත් 2015 වසරේ දී ශ්‍රී ලංකා රජය පොරොන්දු ලබා දුන්න ද වත්මන් ආණ්ඩුව, ඊට පෙර ආණ්ඩුව මෙන්ම සත්‍ය සෙවීමේ සහ වගවීමේ ක්‍රියාවලිය අවංකව ඉදිරියට ගෙන යෑමට අපොහොසත් වී ඇතැයි ද ඇය කීවාය. 

අතීතයේදී දරුණු මානව හිමිකම් උල්ලංඝණය වීම්වලට බලපෑ ව්‍යූහ, පද්ධති, ප්‍රතිපත්ති සහ පුද්ගලයන් තවමත් එසේම තිබෙන බවත් ඒවා නැවත සිදුවෙමින් තිබෙන බවත් ඇය කීවාය. 

 සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යවලට ලැබී තිබූ අවකාශය මේ වනවිට ශීඝ්‍රයෙන් සීමාවෙමින් තිබෙන බවත් මෑතකදී සම්මත කරගත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ස්වාධීන අධිකරණ පද්ධතිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම යනාදී ප්‍රධාන ආයතන කඩා වැටෙමින් තිබෙන බව ද මහ කොමසාරිස්වරිය පැවැසුවාය. ප්‍රධාන සිවිල් කාර්යය හමුදාකරණය වීම වැඩිවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයකට තර්ජනයක් යැයි ද මහ කොමසාරිස්වරියා කීවාය. 

 රටේ ඉහළම තැන්වලින් කෙරෙන වෙනස් කොට සැලසීමේ ප්‍රකාශ හේතුවෙන් සුළු ජාතීන් වන දෙමළ සහ මුස්ලිම් ප්‍රජා පීඩාවට පත්ව ඇතැයි ද ඔවුන් නොසලකා හැර ඇතැයි ද ඇය පැවැසුවාය. 

'කොවිඩ්-19' ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවලට වේදනාවක් ගෙනැවිත් ඇතැයි ද ඇය කීවාය. 

 අනෙකුත් වචනවලින් කියන්නේ නම් ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන, ව්‍යුහගත සහ පද්ධතිගත ගැටලු තවමත් තිබෙන බවත් අතීත ප්‍රචණ්ඩකාරී සිදුවීම් රට නැවත සිදුවීමේ පැහැදිලි අනතුරුදායක සංඥා එමගින් පෙන්නුම් කරන බවත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය තවදුරටත් පැවැසුවාය.

Classified_Ad

Classified_Ad_News_Bottom