ට්‍රම්ප් වරදකරු කරන්න තුනෙන් දෙක නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 14, 2021

ට්‍රම්ප් වරදකරු කරන්න තුනෙන් දෙක නෑ

එල්ල වුණු දෝෂාභියෝගයෙන් ගැලවීමට, ධුරයෙන් ඉවත් වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. ඒ, එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් වරදකරු කිරීමට සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරය නොමැති වීමෙනි. 

දෝෂාභියෝගයට අදාල ක්‍රියාවලිය පසුගිය දින පහ පුරාවට පැවැත්විණි. ට්‍රම්ප්ට එරෙහිව ගෙනා දෙවැනි දෝෂාභියෝගය මෙය වන අතර, ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරයකු දෙවරක් දෝෂාභියෝගයට ලක් වුණු පළමු අවස්ථාව මෙයයි. 

කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, ජනතාව කුපිත කරවීමට කුමන්ත්‍රණය කළැයි යන චෝදනා මුල්කොට ගනිමින් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එම දෝෂාභියෝගය ඉදිරිපත් කර තිබුණි. ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් පසු ජෝ බයිඩන්ගේ ජය තහවුරු කිරීමට පසුගිය ජනවාරි 6 වැනිදා, කොංග්‍රසය (පාර්ලිමේන්තුව) රැස් වූ අතර, ට්‍රම්ප්ගේ 'උසිගැන්වීමෙන්' ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී කලහ කරමින්, ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින්, කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරන්න වූහ. 

ට්‍රම්ප් මෙසේ සිය සුදු අන්තවාදී ආධාරකරුවන් 'උසි ගැන්වීම' ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ගේ ද දැඩි විරෝධයට සහ අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. සෙනෙට් මණ්ඩලයට දෝෂාභියෝගයට අදාල චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් අවසන් ඡන්ද විමසුම ඊයේ (13) පැවැත්විණි. 

එහිදී ට්‍රම්ප් වරසකරු යැයි පවසමින් 57 දෙනකු ඡන්දය ප්‍රකාශ කළ අතර, චෝදනාවලින් ට්‍රම්ප් නිදොස් කළ යුතු යැයි පවසමින් 47 දෙනකු ඡන්දය ලබා දුන්නේය. ඒ අනුව, ට්‍රම්ප් වරදකරු කිරීමට ඩිමොක්‍රටික්වරුන්ට තුනෙන් දෙකක බහුතරය හිමි නොවුණු අතර, චෝදනාවලින් ට්‍රම්ප් ගැලවිණි. 

චෝදනාවලින් ගැලවීමත් සමඟ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සතුටට පත් වෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ගේ දේශපාලන ගමන් මඟ නව ආරම්භයකට යොමු වුණු බවය. 

 ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom