ඕක්ලන්ඩ් ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 14, 2021

ඕක්ලන්ඩ් ලොක්ඩවුන්

'කොවිඩ් 19' ආසාදිතයන් තිදෙනකු හමුවීමත් සමඟ ඕක්ලන්ඩ් නගරය දින 3 ක කාගයක් සඳහා වහා වසා දැමීමට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය. 

නගරය ලොක්ඩවුන් කෙරුණේ දින 3 ක කාලයකටය. ලොක්ඩවුන් කාලයේ සියලු නගර වැසියන්ට නිවෙස්වල සිටින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ. 

නගරය වසා දැමීමට අගමැතිනිය තීරණය කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමිනි. 'කොවිඩ් 19' වයිරස වසංගතය ඉතා සාර්ථක ආකාරයට මර්දනය කරගත් රටක් ලෙස නවසීලන්තය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැවැසුමට ලක් වී ඇත. 

 මිලියන 5 ක් වෙසෙන නවසීලන්තයේ 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 2,300 ක් පමණි. මරණ සිදුවී ඇත්තේ 25 කි. 

බීබීසී

Classified_Ad

Classified_Ad_News_Bottom