ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 28, 2021

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට අනුමැතිය

ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති කොවිඩ් 19 වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතට එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවිය. 

ඒ, හදිසි භාවිතයට එම එන්නත සුදුසු බව පෙන්වා දෙමිනි. ඇමෙරිකානුවන්ට හිමි වන තෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි. 

මේ වනවිටත් ෆයිසර් සහ මොඩර්නා සමාගම් නිපදවා ඇති එන්නත් ඇමෙරිකානුවන්ට ලබා දෙයි. ඇමෙරිකාවේ ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන්නේ එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි. 

ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, හදිසි භාවිතයට අනුමැතිය දුන් තෙවැනි එන්නත මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්න වෙයි. ෆයිසර් සහ මොඩර්නා එන්නත් මෙන් නොව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මිලෙන් අඩු වන අතර, සාමාන්‍ය නිවසේ ශීතකරණයක පවා කල් තබා ගැනීම කළ හැකිය. 

දැනට සොයාගෙන ඇති විකෘති වයිරස ආසාදනය වැළැක්වීමට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට හැකි යැයි ද තහවුරු වී තිබේ.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom