රටවල් රැසක් ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 16, 2021

රටවල් රැසක් ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි

ලේ කැටි ගැසීමෙන් මරණ සිදුවන්නේ යැයි බියක් හටගෙන ඇති බැවින් කොවිඩ් 19 වයිරසයට එරෙහිව භාවිතයට ගන්නා 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත තාවකාලිකව තහනම් කිරීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ද තීරණය කර තිබේ. 

මේ වනවිට යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවල් බොහොමයක් ද ආසියාවට අයත් තායිලන්තය ද 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ජනතාවට ලබා දීම තාවකාලිකව නවතා දමා ඇත. 

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සම්බන්ධයෙන් බියක් නිර්මාණය වූයේ, එන්නත ලබා ගත් යුරෝපා රටවල 30 දෙනකු මරණයට පත්වීමත් සමඟය. 

එම 30 දෙනා මියගියේ, එන්නත ලබා ගැනීමෙන් පසු සහ රුධිරය කැටි ගැසීමෙනි. ඔවුන් මියගියේ එන්නත ලබාගෙන පැය 24 ක් ගතවීමට පෙරය. එම 30 දෙනාගෙන් වැඩි දෙනා අවුරුදු 40 ත් 50 ත් වයස් කාණ්ඩයේ පසුවෙන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව, යුරෝපා ඖෂධ පාලන අධිකාරිය එම මරණ සම්බන්ධයෙන් සහ එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බැවින්, එන්නත ලබා දීම කාවකාලිකව නවතා දැමීම එක් එක් රටවලින් ආරම්භ විය. 

යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා ඖෂධ නිර්දේශ කරන්නේ යුරෝපා ඖෂධ පාලන අධිකාරියයි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත, යුරෝපා රටවල භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළේ ද මෙම පාලන අධිකාරියයි. 

තම එන්නත සාර්ථක බවත්, එය ආරක්ෂිත බවත්, ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම තරයේ කියා සිටී. මේ වනවිට එන්නත මිලියන 17 කට ලබා දී අවසන් බවත්, මරණ සිදුවී ඇතැයි පැවැසෙන්නේ, ලක්ෂ 5 කට එකක් බවත් ඇස්ට්‍රා සෙනකා පැහැදිලි කර තිබේ. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom