චීන එන්නත අද එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 31, 2021

චීන එන්නත අද එනවා

චීනය ප්‍රදානය කරන, සිනෝෆාම් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ හය රැගත් විශේෂ ගුවන් යානය, අද (31) පැමිණෙනු ඇතැයි කොරෝනා මර්දන එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. 

චීනය සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හය ප්‍රදානය කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගෙන් පෞද්ගලිකව තළ ඉල්ලීමකට අනුවය.

මීට පෙර, ඉන්දීය රජය කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ පෞද්ගලික ඉල්ලීමකට අනුවය.

මේ අතර, ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති ඔක්ෆ්ර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත් තොගය ද අප්‍රේල් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි ද ලලිත් වීරතුංග මහතා පැහැදිලි කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom