ඒක යකාගේ සපත්තුවක්! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 30, 2021

ඒක යකාගේ සපත්තුවක්!

ස්නීකර්ස් ඇතුළු ක්‍රීඩා සපත්තු නිර්මාණයේ ලොව පෙරැළිකාර ප්‍රමුඛයා වන්නේ ඇමෙරිකාවේ 'නයිකී' සමාගමය. නයිකි සමාගම, නව සපත්තු කුට්ටමක් හඳුන්වා දී ඇත. 

ඒ, සාතන්ගේ සපත්තු එසේත් නැතිනම් යක්ෂයාගේ සපත්තු යනුවෙනි. 

රතු සහ කළු යන වර්ණ සුසංයෝගයෙන් සාතන්ගේ සලකුණ ද ඇතිව නිර්මාණය කළ මෙම සපත්තු කුට්ටමක මිල ඇමෙරිකන් ඩොලර් 1,018 කි. 

එපමණක් නොවෙයි, ඇත්ත නැත්ත කෙසේ වෙතත් නයිකී සමාගම, මෙම 'සාතන්ගේ සපත්තු' නිපදවා ඇත්තේ මිනිස් ලේ බිංදු ද ඊට කලවම් කිරීමෙන් යැයි ද පැවැසෙයි. 

සාතන්ගේ සපත්තු ජනප්‍රිය කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ ද යකාගේ මිනිහෙකි. 

ඔහු පෙරැළිකාර චරිතයක් ද වන ඇමෙරිකන් රැප් ගායක ලිල් නාස් එක්ස් ය. 

කළු ජාතික රැප් ගායකයකු පමණක් නොව, 22 හැවිරිදි ලිල් නාස් එක්ස් ගීත රචකයකු ද වෙයි. 

'සාතන්ගේ සපත්තු' කුට්ටම් නිපදවා ඇත්තේ සීමිත ප්‍රමාණයකි. හරියටම කීවොත්, ගණන 666 කි. එය ද සාතන් එසේත් නැතිනම් යක්ෂයාගේ ඉලක්කමය. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom