ලොව පුරා කොරෝනා යළි ඔඩුදුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 2, 2021

ලොව පුරා කොරෝනා යළි ඔඩුදුවයි

සති හතකට පසු ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන යළි ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දෙයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පෙන්වා දුන්නේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැනුවත් කරමිනි.

ආසාදිතයන් ඉහළ යෑම සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති නමුත්, සංචරණ සීමා දිගටම පවත්වා ගැනීමට සෑම රටක් ම පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර තිබේ. 

‘සති 7 කට පසු, යළිත් වරක් ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබෙනවා. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අප උත්සාහ ගන්න ඕනෑ. එසේ නොවුණහොත්, යළිත් වරක් ආසාදිතයන් වැඩිවේවි.’ යැයි ගෙබ්‍රියේසිස් පැහැදිලි කර තිබේ. 

මේවනවිට ලෝකයේ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 114,995,381 ක් දක්වා ඉහළ ගියේය. මරණ වාර්තා වූයේ 2,550,296 ක් ලෙසය. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 90,721,225 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom