හිටපු ප්‍රංශ ජනපති සාකෝසිට වැඩ වරදී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 2, 2021

හිටපු ප්‍රංශ ජනපති සාකෝසිට වැඩ වරදී

දූෂණ චෝදනාවලට වරදකරු වුණු ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාකෝසි ට තෙවසරක සිර දඬුවමක් නියම විය. ඉන් වසර දෙකක් අත්හිටුවීම හේතුවෙන්, සිර දඬුවම වසරක කාලයක් තෙක් අඩු විය. 

සාකෝසි අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. 

එහෙහයින්, මේ මොහොතේ සාකෝසි ට සිර දඬුවම් හිමි නොවනු ඇති බව ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි. එහෙමන්ම, සකෝසි අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් අධිකරණය නිකුත් කර නැත. 

අභියාචනය අසාර්ථක වුවහොත්, වසරක කාලයක් සාකෝසිට සිරදඬුවම් විදීමට සිදුවනු ඇත්තේ නිවසේ සිටය. එය නිවාස අඩස්සියට පත් කිරීමක් හා සමානය. 

සාකෝසි ට නිවසින් පිටතට යෑම තහනම් වන අතර එම වසරක කාලයේ සාකෝසිට ඉලෙක්ට්‍රොනික පටියක් පැලඳ සිටීමට සිදුවෙයි. එම ඉලෙක්ට්‍රොනික පටිය පැලදීම සිදුවන්නේ පාදයේය. 

ඉලෙක්ට්‍රොනික පටිය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන අතර, සාකෝසි නිවසින් පිට වන්නේ නම්, පොලිසියට ඒ බව දැනුම් දීම ස්වයංක්‍රීයව සිදුවෙයි. 

එය ගලවා ඉවත් කිරීමට පවා හැකි වන්නේ නැත. 66 හැවිරිදි සාකෝසි, වරදකරු වූයේ, 2014 වසරේ දී ජනපති ධුරයෙන් සමු ගැනීමෙන් පසු, විනිසුරුවරයකුට අල්ලස් දීමට උත්සාහ කළේ යැයි යන චෝදනා සම්බන්ධයෙනි. 

සාකෝසි ප්‍රංශ ජනාධිපති ධුරය හෙබවූයේ 2007 සිට 2012 තෙක් කාලයේය. 

‘වරදක් කරන බව ඔහු දැන සිටියා. ඒත් ඔහු ඒ වරද කළා. ඔහුගේ ක්‍රියාව නීතියට කළ සරදමක්.’ යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විනිසුරුවරිය ක්‍රිස්ටීන් මේ  අවධාරණය කළාය.

මීට පෙර මේ අයුරින්, අධිකරණය හමුවේ වරදකරුවකු වූ ප්‍රංශ ජනාධිපතිවරයා ජැක් ෂිරාක්ය. ජැක් ෂිරාක්ට 2011 වසරේ දී වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් හිමිවිය. 

ඒ, ජනපති ධුරයේ සිටිද්දී, පැරිස් නගර සභාවේ ව්‍යාජ තනතුරු පිහිටුවා, සිය ආධාරකරුවන් ඒවාට පත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු වීමෙනි. ෂිරාක් 2019 දී අභාවප්‍රාප්ත විය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom