එන්නත් ලැබුණු හවායි වැසියන්ට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 26, 2021

එන්නත් ලැබුණු හවායි වැසියන්ට කොරෝනා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් හවායි වැසියන් පිරිසකට වයිරසය ආසාදනය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන බවත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි. 

හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. ඇමෙරිකානුවන්ට ඖෂධ ලබාදීම සහ අනුමත කිරීම සිදුවන්නේ ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය යටතේය. 

මේ වනවිට, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, ඇමෙරිකානුවන්ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත් තුනක් අනුමත කර ඇති අතර ඇමෙරිකානුවන්ට ලබා දී ඇත්තේත් ලබා දෙන්නේත් එම එන්නත්ය.

එම එන්නත් තුන වන්නේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ය. 

මෙම එන්නත් ඇමෙරිකන් එන්නත් වන අතර, ‘ෆයිසර්’, ‘මොඩර්නා’ මාත්‍රා දෙකකින් සමන්විත වන අතර, ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත එක් මාත්‍රාවක් පමණි. 

හවායි වැසියන්ට ලබා දී ඇත්තේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ එන්නත් වන අතර, වයිරසය ආසාදනය වී ඇත්තේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ මාත්‍රා දෙකම ලබාගත් හවායි වැසියන් වීම විශේෂත්වයකි. 

‘කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති කිසිදු එන්නතක් සියයට සියයක් සාර්ථක නැහැ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙනත් එක් කෙනකුට හෝ දෙන්නකුට වයිරසය ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. ඒත් එන්නතේ මාත්‍රා දෙකහ ලබා ගත් 10 දෙනකුට හෝ 15 දෙනකුට වයිරසය ආසාදනය වුවහොත් එය විශේෂ තත්ත්වයක්. ඒ ගැන විමර්ශනයක් කිරීම අවශ්‍ය වෙනවා’ යැයි ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ. 

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom