ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1.9 ක සහන පැකේජයට සෙනෙට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
අනුමැතිය ලබා දෙමින් 50 දෙනකු ඡන්දය පළ කළ අතර, 49 දෙනෙකු ඊට විරෝධය දැක්වූ බව පැවැසෙයි.
ඒ අනුව, සහන පැකේජයට අදාල යෝජනාව යළි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතව ඇති අතර, ඉන්පසු එය ක්‍රියාත්මක කෙරේ.
ඒ, අවසානයේ බයිඩන් ඊට අත්සන් කිරීමෙන් පසුවය.
කොවිඩ් 19 වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය ඇමෙරිකාවය. වයිරස වසංගතය හේතුවෙන් සමාජීය සහ ආර්ථික වශයෙන් සිදුවුණු බලපෑම අතිමහත්ය. සහන පැකේජයක් හඳුන්වා දීමට බයිඩන් කටයුතු කර ඇත්තේ ඒ අනුවය.
රොයිටර්