සුන්බුන් මැද පැවැති දේව මෙහෙය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 7, 2021

සුන්බුන් මැද පැවැති දේව මෙහෙය

ඉරාකයේ සංචාරය කරන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් එරට උතුරු දෙසින් පිහිටි මොසූල් නුවර ට ගොස්, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ කුරිරුකම් නිසා මියගිය ඉරාක වැසියන් සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීය. 

2014 දී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මොසූල් නුවර ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබුණි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පිහිටුවා ගත්, ඉස්ලාමීය රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වූයේ මොසූල්ය. 

මොසූල් නගරය මුදා ගැනීමේ සටන පැවැතියේ 2017 වසරේය. එය අවසන් වී නගරය මුදා ගන්නා අවස්ථාව වෙද්දී, මියගිය සිවිල් වැසියන් ගණන 11,000 පසු කර තිබුණි.
අද වනවිට මොසූල් යළි ඉරාක රජය සහ ආරක්ෂක අංශ යටතේ පවතී. අවි ගැටුම් හේතුවෙන් නගරයට සිදුවුණු මහා විනාශය තවමත් දෝංකාර දෙයි. නගරයේ ගොඩනැගිලි සහ නිවාස තවමත් සුන්බුන් ලෙස දකින්න ලැබේ. 

දේව මෙහෙය පැවැත්වූයේ එළිමහනේ සුන්බුන් මධ්‍යයේය. පාප්තුමන්ගේ ඉරාක සංචාරය අද (7) අවසන් වෙයි. 

ඒ, ඉර්බිල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයෙන් අනතුරුවය. ඉරාකයේ ක්‍රිස්තියානු බැතිමතුන් 10,000 ක් පමණ ඊට සහභාගී වීමට නියමිත බව ඉරාක පුවත් සේවා වාර්තා කර තිබේ.

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom