
‘කොවිඩ් 19’ වසංගතය මැද රුසියාව ඇතුළු යුරෝපා රටවල් කීපයක් එක් වී, සයිබීරියාවේ ‘බයිකල්’ විල් දුරේක්ෂයක් ඇතුළු කළේය.
සාමාන්‍යයෙන් දුරේක්ෂ විශ්වය නිරීක්ෂණයට යොදා ගැනෙන නමුත්, මෙම සුවිශේෂී දුරේක්ෂය බයිකල් විල් පතුළට යැවීම සිදුවූයේ ‘නියුට්‍රිනෝ’ අංශු අධ්‍යයනය සඳහාය.
‘නියුට්‍රිනෝ’ යනු විශ්වය පුරා පවතින මූලික අංශුවකි. මෙම අංශු අධ්‍යයනය කිරීම අසීරුය. ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ සයිබීරියාවේ පිහිටි මෙම ‘බයිකල් විල’ ය.
මිදුණු විලේ කැණීමක් කර ‘බයිකල් ජී.වී.ඩී.’ යන නමින් නම් කළ දුරේක්ෂය පහළට යවනු ලැබුණි. එය අඩි 4,300 ක් විල් පතුළට යැවුණු බව විද්‍යාඥයෝ පවසති.
‘නියුට්‍රිනෝ’ අංශු හසුකර ගැනීම ඉතා අසීරු කටයුත්තක් වන නමුත්, ‘නියුට්‍රිනෝ’ අංශු හසුකර ගැනීමට පහසුම මාධ්‍ය ජලය යැයි පැවැසෙයි. බයිකල් විල ඒ සඳහා තෝරා ගැණුනේ ඒ නිසාය.
‘බයිකල් ජී.වී.ඩී.’ දුරේක්ෂය නිපදවීම සිදුවී ඇත්තේ 2015 සිටය. චෙක් ජනරජය, ජර්මනිය, පෝලන්තය, රුසියාව සහ ස්ලොවේකියාව යන රටවල් එකමුතු වී දුරේක්ෂය නිපදවා තිබේ.
‘ලොව ගැඹුරුතම විල ලෙස සැලකෙන්නේ බයිකල් විලයි. ‘නියුට්‍රිනෝ’ දුරේක්ෂයක් යැවීමට සුදුසු ස්ථාන වන්නේ බයිකල් විල පමණයි’ යැයි න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ දිමිත්‍රි නූමෝ පැවැසීය.
‘නියුට්‍රිනෝ’ අංශු සොයමින් සිදු කරන මෙම ගවේෂණය ඉතා වැදගත් විද්‍යාත්මක ගවේෂණයක් යැයි ඊට සම්බන්ධ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ඒ.එෆ්.පී.