ඇස්ට්‍රාසෙනකා එන්නතට WHO සහතිකයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 14, 2021

ඇස්ට්‍රාසෙනකා එන්නතට WHO සහතිකයක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා‍ සෙනකා එන්නත සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බව ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා‍ සෙනකා එන්නත සම්බන්ධයෙන් බියක් හටගෙන ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසී, යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවල් කීපයක වැසියන් මියයෑමත් නිසාය. 

කෙසේ නමුත් එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබේ. 

එහෙයින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

කොවිඩ් මර්දනය සදහා භාවිතයට ගැනෙන එන්නත් අතුරින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා‍ සෙනකා එන්නත විශිෂ්ටතම එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. 

එන්නත් ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් සිදුවුණැයි වාර්තා වන්නේ ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවලිනි. 

එම රටවල් එන්නත තාවකාලිකව තහනම් කරද්දී, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය ආදී රටවල් පවසා ඇත්තේ, තමන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතයට නවත්වන්නේ නැති බවය.

මේ වනවිට යුරෝපය පුරා ලක්ෂ 50 කට අධික පිරිසක් මෙම එන්නත ලබාගෙන ඇති අතර ඉන් රුධිර කැටි සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණක් බවත් පැවැසෙයි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom