


මීට දෙවසරකට පෙර, 2019 අප්‍රේල් මස පාස්කු දින සිදුවු ප්‍රහාරයෙන්, මියගිය ශ්‍රීලාංකිකයන් සිහිපත් කරමින්, පින් අනුමෝදන් කොට, එම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් ශ්‍රීලාංකික නීතියට අනුව අත් අඩංගුවට ගෙන දඬුවම් පමුණුවා, කඳුළට සාධාරණය ඉටු කරන්නැයි ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමින්, 'ම්ලේච්ඡ ප්‍රහාරයේ වින්දිතයන්ගේ යුක්තිය සඳහා' යන තේමාව ප්‍රධාන කොට, ප්‍රංශයේ ශ්‍රීලාංකික එකමුතුව පසුගිය මාර්තු මස 7 වෙනි ඉරු දින ප්‍රංශයේ අගනුවර පැරිස් කළාප 11 හි පිහිටි සුප්‍රසිද්ධ මහජන චතුරශ්‍රයේදී උදේ 11 සිට දහවල් 12.30 දක්වා නිහඬ විරෝධතාවයක් පැවැත්වීය.
සුදු පැහැති රෝස මල්, ඉටි පහන් හා මල් වඩමක් රැගත් සහභාගීවූ පිරිස කුඩා පෙරහරකින් මහජන චතුරශ්‍රයට පැමිණියෝය. ඉන්පසු කතෝලික ආගමානුකූලව දේව ගීතිකා ගයමින් පින් අනුමෝදන් කළහ.
මෙම අවස්ථාවට සහභාගීවූ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව විසින්ද ඉස්ලාම් ආගමානුකූලව පින් අනුමෝදන් කරන්න වූහ. අනතුරුව පැමිණ සිටි පිරිස සුදු පැහැති රෝස මල් තැන්පත් කොට ඉටි පහන් දල්වා නිහඬ උද්ඝෝෂණය පැවැත් වූයේය.
මෙම අවස්ථාවට පැරීසියේ වෙසෙන සිංහල දෙමල මුස්ලිම් ශ්‍රීලාංකිකයන් විශාල ප්‍රමාණයක් සහභාගිවූ අතර අනතුරුව ඔවුන්ගේ සහභාගිත්වයෙන් පැරීසියේ දේවස්ථානයකදී මියගිය අය සිහිපත් කර දේව මෙහෙයක්ද පැවැත් වූයේය.
෴සුනිල් ආනන්ද
පැරීස් නුවර සිට ලියයි