හැරී මෙගාන් හුටපටේ මිලියන 17 ක් බලලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 9, 2021

හැරී මෙගාන් හුටපටේ මිලියන 17 ක් බලලා

බ්‍රිතාන්‍ය රජ පවුලට දොස් නගමින්, තමන්ට සිදුවුණු කෙණෙහිලිකම් අනාවරණය කරමින් හැරී මෙගාන් යුවළ සහභාගී වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලොව පුරා මිලියන 17 ක් නරඹා ඇති බවත්, එම වැඩසටහන ඉදිරිපත් කළ ඇමෙරිකන් නිවේදිකා ඔප්රා වින්ෆ්‍රි ඇමෙරිකන් ඩොලර් මිලියන 7 ක මුදලක් උපයා ඇති බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

කළු ජාතික කාන්තාවක වන ඔප්රා වින්ෆ්‍රි ඇමෙරිකානුවන් අතරේත්, බටහිර ලෝකයේත් පිළිගත් ගෞරවණීය නිවේදිකාවකි. හැරී මෙගාන් යුවළ බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වී ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ පවා ඔප්රා වින්ෆ්‍රිගෙන් ඔවුන්ට නොයෙක් උදවු උපකාර ලැබුණු බව පැවැසෙයි. 

හැරී මෙගාන්’ යුවළ සමඟ කළ සම්මුඛ සාකච්ඡාව මුදල් ගෙනා මිලදී ගැනීම කළේ ඇමෙරිකාවේ සී.බී.එස්. නාළිකාවය. පැය දෙකක ධාවන කාලයකින් යුත් එම සම්මුඛ සාකච්ඡාව පළමුවෙන් ඇමෙරිකාවේ විකාශය වුණු අතර, ඇමෙරිකානුවන් බොහෝ දෙනකු මෙගාන්ට සිදුවුණු අසාධාරණය සහ කෙණෙහිලිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජ පවුල විවේචනය කරන්න පටන් ගෙන තිබේ. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom