තායිලන්ත අගමැති මාධ්‍යවේදීන්ට සැනිටයිසර් විදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 10, 2021

තායිලන්ත අගමැති මාධ්‍යවේදීන්ට සැනිටයිසර් විදලා

කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ, ප්‍රශ්න අසන්න එපා යැයි තරවටු කරමින්, තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා, මාධ්‍යවේදීන්ට විෂබීජනාශක දියර (සැනිටයිසර්) ඉසීමට පියවර ගත්තේය. 

මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න මඟ හැරීමට නොයෙක් නොයෙක් විදියේ ක්‍රියා මාර්ග අනුගමනය කරන අයකු ලෙස අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා ප්‍රකටය. තායිලන්ත මාධ්‍යවේදීන්ට ද එය අමුත්තක් නොවන බව පැවැසෙයි. 

මාධ්‍ය හමුවට සහභාගී වෙද්දී, අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ, අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇසීමෙන් වළකින ලෙසය. එසේ වුවත්, මාධ්‍ය හමුව අවසන් වෙද්දී, මාධ්‍යවේදීන් තොරතෝංචියක් නැතිව ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය. 

එවිට සාක්කුවේ තිබූ සැනිටයිසර් බෝතලය අතට ගත් අග්‍රාමාත්‍යවරයා එය මාධ්‍යවේදීන්ට ඉසීමින් එතැනින් නික්ම ගියේ කේන්තියෙනි. 

මීට පෙර එක් අවස්ථාවක, මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමට බලා සිටිද්දී, අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා ඔහුගේ රුව ඇති, ඔහුගේ ප්‍රමාණයට සමාව කාඩ්බෝඩ් රුවක් ගෙනැවිත් මාධ්‍යවේදීන් හමුවේ තබා යන්න ගියේ, ‘මෙන්න මෙයාගෙන් ඕනෑ දෙයක් අහගන්නවා’ යැයි කියමිනි. 

ප්‍රයාත් චාන් ඕචා, තායිලන්ත හමුදාපතිවරයාය. දේශපාලන අර්බුදයක් නිර්මාණය වී, රට අස්ථාවර වෙද්දී, හමුදාපති ලෙස ප්‍රයාත් චාන් ඕචා රටේ බලය අල්ලා ගත්තේය. 

ප්‍රයාත් චාන් ඕචා හමුදා ධුරයෙන් සමුගත් අතර, ඉන්පසු 2019 වසරේ පැවැති මහ මැතිවරණයෙන් යළි ජනවරමක් හිමිකර ගැනීමට ද සමත් විය. 

ඒ.එෆ්.පී

Classified_Ad

Classified_Ad_News_Bottom