කාන්තා අයිතීන් කඩවීම් සොයන්න කාරක සභාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 5, 2021

කාන්තා අයිතීන් කඩවීම් සොයන්න කාරක සභාවක්

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම ඉන් අපේක්ෂා කෙරේ. 

ශ්‍රී ලංකාව තුළ සියලුම කාන්තාවන් සහ දැරියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැළකීම්වලට ලක්වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ද ප්‍රධාන වශයෙන් මෙම මෙම කාරක සභාව යෝජනා කර ඇතැයි වාර්තා වේ.‍ 

රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිඛිත ඉල්ලීමකර සිදු කර තිබේ.

Classified_Ad