ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා අගමැති හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 5, 2021

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා අගමැති හමුවෙයි

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී පවතින බව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා පැවැසීය. 

එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා මේ බව පවසා ඇත්තේ මෙරට ගුවන් හමුදාවේ 70වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමිනි. 

හමුව පැවැත්වූයේ අරලියගහ මන්දිරයේදී ය. ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය පළ කරන බවද ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා එහිදී පැවැසූ බව වාර්තා වේ. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව, ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ විහිදී පවතින බවද ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. 

ඉන්දීය ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා නිරන්තර සහයෝගය ලබා දීම සිදුවන බවත් ආරක්ෂක අංශයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවත් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා අවධාරණය කර ඇත. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

Classified_Ad

Classified_Ad_News_Bottom