එන්නත සම්බන්ධයෙන් බිය වෙන්න එපා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 16, 2021

එන්නත සම්බන්ධයෙන් බිය වෙන්න එපා

මෙරට තුළ භාවිත වන ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව රජය අවධාරණය කර තිබේ. 

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැහැදිලි කළේ එම එන්නතේ එක් කාණ්ඩයක් පමණක් මේ වනවිට යුරෝපා රටවල් රැසක භාවිතය අත්හිටුවා ඇති බවය. 

එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් ශ්‍රී ලංකාවට ලබාදී නොමැති බැවින් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමේදී ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මේ අතර, කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර තිබේ. 

ඩ්ඔහු පෙන්වා දී තිබෙන්නේ එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom