පාසල් දරුවන්ට නීතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 17, 2021

පාසල් දරුවන්ට නීතිය

‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා ප්‍රකාශ කළේය. 

ඒ සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලනා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත් කෙරිණි. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය මහත්ම මහත්මීහු මෙහි සාමාජිකත්වය දරති. 

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කීවෙි නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික අවබෝධයක් දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි.

Classified_Ad

Classified_Ad_News_Bottom