දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 6, 2021

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ න්ටිගුවාහිදී අද (6) පැවති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 43 කින් ජය ලැබීමට සමත් වූහ. 

ශ්‍රී ලංකා පිල ලැබු මෙම ජයත් සමග 1-1 ලෙස තරගාවලිය සමවිය. ජයග්‍රහණය සදහා ලකුණු 161 ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඕවර 17.4 කදී ලකුණු 117 කට සීමාවිය. 

ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 160 (ධනුෂ්ක ගුණතිලක 56. පැතුම් නිස්සංක 37, අෂේන් බණ්ඩාර 21, ඇන්ජලෝ මැතිව්ස් 13, ⁣ඩ්වේන් බ්‍රාවෝ 25/2) බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 18.4 කදී 117 (ඔබෙඩ් මැග්කොයි 23, ලෙන්ඩ් සිමන්ස් 21, එවන් ලුවිස් 28, කරන් පොලාඩ් 38, වනිදු හසරංග 17/3, ලක්ෂාන් සදකැන් 10/3, දුෂ්මන්ත චමීර 26/2)

Classified_Ad