ඉන්දියාවෙන් සහතිකයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 22, 2021

ඉන්දියාවෙන් සහතිකයක්

ආචාර්ය ජයනාත් කොළඹගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සිය සහාය ලබාදෙන බව ඉන්දියාව තහවුරු කළේ යැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත. 

ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ. 

එක්සත් රාජධානිය, කැනඩාව සහ ජර්මනිය ඇතුළු රටවල් ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට (23) ට කල් දමා තිබේ.

කෙසේ නමුත් ඡන්දය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

මේ අතර ඉන්දියාව මෙම නව යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇතැයි තමන් ඉහළ බලාපොරොත්තු තබා සිටින බව ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත. 

මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්නේ ද නැද්ද සහ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින්නේ ද යන්න ඉන්දියාවේ තීරණයක් බවත් හෙතෙම පවසා ඇත. 

එසේ වුවත් ඉන්දියාව මෙම යෝජනාවට සහාය දැක්විය යුතු යැයි ද ඊට පක්ෂව ඡන්දය දිය යුතු යැයි ද දෙමළ ජාතික සන්ධානය පැහැදිලිවම බලාපොරොත්තු වන බව ද හෙතෙම පවසා ඇත. 

‘ද හින්දු’ ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom