ලංකාවට එරෙහිව ජිනීවා යෝජනවා සම්මත වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 23, 2021

ලංකාවට එරෙහිව ජිනීවා යෝජනවා සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 11කින් අද (23) සම්මත විය. 

එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව ඇතුළු මූලික කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ විය.

ඡන්ද විමසීමට පෙර සාමාජික රටවල් අදහස් දැක්වූ අතර චීනය සහ පාකිස්තානය මූලික කණ්ඩායම ඡන්ද විමසීමක් ඉල්ලී ය. 

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වුණු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් යෝජනාට විරුද්ධව ඡන්ද 11ක් ද ලැබිණි. රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය. 

 ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, කෝට් ඩිව්වා, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජී, ප්‍රංශය, ජර්මනිය, මලාවි, මාර්ෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, උරුගුවේ යන රටවල් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. 

 බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

බහ්රේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මෞරිතේනියා, නැමීබියාව, නේපාලය, සෙනගාලය, සුඩානය සහ සෝගෝ යන රටවල් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

Classified_Ad