සමාජ මාධ්‍ය ජාලයක් හදන්න ට්‍රම්ප් සැරසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 22, 2021

සමාජ මාධ්‍ය ජාලයක් හදන්න ට්‍රම්ප් සැරසෙයි

ධුරයෙන් සමුගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'නව සමාජ මාධ්‍ය ජාලයක්' ආරම්භ කිරීමට සූදානම් වන බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකන් පුවත් සේවා මේ බව වාර්තා කළේ ට්‍රම්ප්ගේ උපදේශක ලෙස කටයුතු කරන ජේසන් මිලර්ගේ ප්‍රකාශයක් ද උපුටා දක්වමිණි. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු ද වෙයි. මාස 3 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ට්‍රම්ප් සිය 'සමාජ මාධ්‍ය ජාලය' ආරම්භ කරනු ඇති බව ද ජේසන් මිලර් පවසා තිබේ. 

ලොව ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය වන ෆේස්බුක් සහ ට්විටර් එම සමාජ මාධ්‍ය භාවිතය වළක්වමින්, ට්‍රම්ප්ට තහංචි පනවා තිබේ. හිටපු ජනාධිපතිවරයා 'නව සමාජ මාධ්‍ය ජාලයක්' ආරම්භ කරන්නේ ඔහුගේ අදහස් බාධාවකින් තොරව ඇමෙරිකානුවන්ට යොමු කිරීමේ අරමුණින් යැයි ද පැවැසෙයි. 

පසුගිය නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පරාද වී, පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් ජනාධිපතිවරණය දූෂිත යැයි චෝදනා කරද්දී, ඔහුගේ කීමට ඔහුගේ ආධාරකරුවෝ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී, කොංග්‍රසයේ (පාරිලිමේන්තුවේ) කටයුතුවලට බාධා කළහ. 

පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ සුදු අන්තවාදී අනුගාමිකයින් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කරමින් විරෝධතා පැවැත්වීමේ සිදුවීමෙන් අනතුරුව ෆේස්බුක් සහ ට්විටර් ආයතන ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට ක්‍රියා කළේය. 

ට්‍රම්ප්ට යළි කිසි දිනෙක ෆේස්බුක් හෝ ට්විටර් පරිශීලනය කිරීමට ඉඩ නොදෙන බව ෆේස්බුක් සහ ට්විටර් සමාගම් පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා ඔහුටම කියා නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ මේ නිසාය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom