
'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්', මාර්තු පළමු වැනිදා එළිදැක්වීමට නියමිත නවතම 'ඩිස්නි ප්‍රින්සස්' චිත්‍රපටයයි. මේ වනවිට 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' පිටපත් අන්තර් ජාලයට එක් වී අතර, බොහෝ දෙනකු එය නරඹා අවසන්ය.
'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' චිත්‍රපටයට අග්නිදිග ආසියානු රටවල චරිත පාදක වෙයි. අග්නිදිග ආසියානු රටවල චරිත සහ කතාවක් ඩිස්නි චිත්‍රපටයකට නැගුණු පළමු අවස්ථාව මෙයයි.

මෑත කාලයේ ජනප්‍රිය වූ 'ෆ්‍රෝසන්' 'මොආනා' ආදී ඩිස්නි ප්‍රින්සෙස් චිත්‍රපටවලට 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' සමාන වන්නේ නැත.
'ෆ්‍රෝසන්' හෝ 'මොආනා' චිත්‍රපටවලින් ලැබුණු විනෝදය මෙම චිත්‍රපටය හරහා පොඩිත්තන්ට ලැබෙන්නේ නැත. මතකයේ රැදෙන ගීත මෙම චිත්‍රපටයේ නැත.
චිත්‍රපටවලට 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' චිත්‍රපටයේ මිනිසුන් ගල් රූප බවට පත් කරන නපුරු බලවේගය පොඩිත්තන් බිය ගැන්වීමට සමත් වෙයි.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ රායා නමැති කුමරිය සහ සීසු නමැති අවසන් මකර යෙහෙළිය සමඟය. කෙලී මේරි ට්‍රාන් රායාට හඩ දෙන අතර, සීසු මකරාට හඩ දෙන්නේ ඕකෆීනාය.
ග්‍රෙමා චෙන්, ඇලන් ටුඩ්කි ආදීහු සෙසු හඩ නළු නිළියන් අතර සිටිති. 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' අධ්‍යක්ෂකවරුන් වන්නේ කාලෝස් ලොපේස් සහ ඩොන් හෝල් දෙදෙනාය.
පැය දෙකකට ආසන්න ධාවන කාලයක් සහිත 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' ක්‍රියාදාම පිරි, ප්‍රහසනය චිත්‍රපටයකි. වීර වික්‍රමයකි.