දලයි ලාමාටත් එන්නත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 6, 2021

දලයි ලාමාටත් එන්නත

ඉන්දියාවේ ධර්මශාලා පළාතේ ජීවත්වන ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමන්ටත් 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

ධර්මශාලා පිහිටා ඇත්තේ හිමාචල් ප්‍රාන්තයේය. 85 හැවිරිදි දලෙයි ලාමාතුමන්ට එන්නත ලබා දීම සිදුවී ඇත්තේ ධර්මශාලා ප්‍රජා රෝහලේදීය. 

'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත තමන්ට ලබා දීම සම්බන්ධයෙන්, දලයි ලාමාතුමන් ඉන්දීය මධ්‍යම රජයට, හිමාචල් ප්‍රාන්ත රජයට සහ සෞඛ්‍ය අංශවලට තුති පුද කළේය. 

එන්නත ලබා ගැනීමට උනන්දු වන්නැයි ද දලයි ලාමා තුමන් සැමගෙන් ඉල්ලීමක් කළේය. 

දලයි ලාමා තුමන්ට ලබා දුන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා  කොවිෂීල්ඩ්' එන්නතය. 

එතුමන්ගේ ආශ්‍රමයේ සැමට ද එන්නත ලබාදීමට කටයුතු කළ බව හිමාචල් ප්‍රාන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ලොව දෙවැනියට වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන දැන් යළිත් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. දින 36 කට පසු ගතවුණු පැය 24 ඇතුළත ආසාදිතයන් 18,000 කට වඩා වාර්තා වූ බව ද පැවැසෙයි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad