මෙරට පැතිරෙන ප්‍රභේද ගැන සොයයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 22, 2021

මෙරට පැතිරෙන ප්‍රභේද ගැන සොයයි

මෙරට විවිධ ප්‍රදේශවලින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වයිරස ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය සුදානම් වෙයි. 

එළඹෙන අඟහරුවාදා දින නව පරීක්ෂණ ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා පැවැසීය. 

මෙරට පුරා වාර්තාවන කොරෝනා වෛරසයේ ප්‍රභේද සාමාන්‍ය PCR පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම නව පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

ඒ අනුව අමෙරිකාව, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ බ්‍රසීලය යන රටවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වයිරස විකෘති ප්‍රභේද ශ්‍රී ලංකාව තුළ පැතිර ඇති ද යන්න මෙම පරීක්ෂණ මගින් අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. 

වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පරීක්ෂණ මගින් ඉතා කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබාදීමට හැකිවනු ඇති බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom