ජිල් බයිඩන් හමුවන්න කේට් ඇවිල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 12, 2021

ජිල් බයිඩන් හමුවන්න කේට් ඇවිල්ලා

'ජී7' සමුළුව පැවැත්වෙද්දී, කෝන්වෝල් ප්‍රාන්තයේ, 'කාර්බිස් බේ' නගරයට පැමිණ සිටින ඇමෙරිකන් ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩන් හමුවීමට, බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් පැමිණියේ, විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් කේම්බ්‍රිජ් ආර්යාව කේට් ම්ඩ්ල්ටන්ය. 

දරුවන්ගේ අධ්‍යාපනය සහ කාන්තාවන් බල ගැන්වීම යන මාතෘකා සම්බන්ධයෙන් දෙදෙනා අතරේ කතාබහ සිදුවිය. ආචාර්ය ජිල් බයිඩන් වසර 30 ක අත්දැකීම් ඇති ගුරුවරියකි. 

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේත්, ඇමෙරිකාවේත් සෙසු රටවලත් දරුවන්ගේ අධ්‍යාපනයට එල්ල වුණු බලපෑම සම්බන්ධයෙන් පැවැති විශේෂ සම්මන්ත්‍රණයකට ද කේට් මිඩ්ල්ටන් සහ ජනපති ආර්යා ජිල් බයිඩන් සහභාගී වූහ. එහිදී ඉදිරිපත් වුණු අදහස් සහ යෝජනා පසුව 'ජී7" නායකයන්ට යොමු කෙරුණි. 
ජනපති ආර්යා ජිල් බයිඩන් සහ කේට් ම්ඩ්ල්ටන්ගේ හමුව ඇතුළු ඔවුන් දෙදෙනා සහභාගී වුණු සියලු කටයුතු සිදුවූයේ සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශවලට අනුකූලවය. හැකි සෑම අවස්ථාවකම, දෙදෙනා මුහුණු ආවරණ පැලඳ සිටිනු දකින්න ලැබුණි. 

කෝන්වෝල් ප්‍රාන්තයේ කැම්බෝන් නුවර, ප්‍රාථමික පාසලේ පොඩිත්තන් හමුවී ඔවුන් සමඟත්, ගුරුවරුන් සමඟත් කතාබහ කිරීමට ඇමෙරිකන් ජනපති ආර්යාව කටයුතු කළාය. එම කතාබහෙන් පසු පාසල් ගෙවත්තේ, දරුවන්ගේ සුතරල් හා පැටියා මුණ ගැසී කැරට් කැවීමට ද කේට් සහ ජිල් අමතක කළේ නැත.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom