ඉන්දියාවේ දෛනික ආසාදිතයෝ ලක්ෂ 3 පනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 22, 2021

ඉන්දියාවේ දෛනික ආසාදිතයෝ ලක්ෂ 3 පනී

ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තා විය.

ගතවුණු පැය 24දී වාර්තා වී ඇති සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 314,835කි. 

එය ඉන්දියාවෙන් මෙන්ම ලොව රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද වෙයි.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 15.93 කි.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,104කි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 184,657කි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom