දෙවැනි රැල්ල බිහිසුණුයි - මෝදි ජාතිය අමතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 20, 2021

දෙවැනි රැල්ල බිහිසුණුයි - මෝදි ජාතිය අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ, ඉන්දියාව මුහුණ දෙන මෙම දෙවැනි කෙරෝනා රැල්ල පළමු රැල්ලට වඩා බිහිසුණු බවත්, එය පාලනය කර ගැනීමට ඉන්දියානුවන් සියලු දෙනා එකමුතු විය යුතු බවත්ය. 

ඉන්දියාවෙන් මේ වනවිට දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවා වාර්තා වීමට පටන්ගෙන තිබේ. 

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මෙසේ හිටිහැටියේ වැඩිවීමට ප්‍රධානතම හේතුව ඉන්දීය වැසියන් වයිරසය තැකීමකට නොගෙන කටයුතු කිරීමය. 

'මේ දෙවැනි රැල්ල හිටිහැටියේ කඩා වැදුණු සුනාමියක් වගේ. බිහිසුණුයි. එයින් බේරීමට නම් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීමට කටයුතු කළ යුතුයි.' යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජාතිය අමතමින් අවධාරණය කළේය. 

මේ වනවිට ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තය ලොක්ඩවුන් කර අවසන්ය. ඉන්දියාවේ වැඩියෙන්ම ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මහාරාෂ්ටයෙනි. 

ඊට අමතරව ආසාදිතයන් වැඩියෙන් වාර්තා වන නවදිල්ලි අගනුවර ද සතියක කාලයකට ලොක්ඩවුන් කර අවසන්ය. 

නවදිල්ලි රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත්, එම රෝහල්වල ඔක්සිජන් ඇත්තේ තව පැය කීපයකට පමණක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom