COVID-19 අනතුරු ඇඟවීම් ! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 20, 2021

COVID-19 අනතුරු ඇඟවීම් !

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 
මීට අමතරව මින් පෙර හමුනොවුණු ආකාරයේ කෙරෝනා වයිරස ප්‍රභේදයක් ද මෙරට පැතිර යමින් පවතින බව පර්යේෂණවලදී අනාවරණය වුණැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වෙමින් පවතින අතර මහ ජනතාව මේ ගැන විමසිල්ලෙන් පසුවිය යුතු යැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව තහවුරු වී ඇති බැවින් ඉදිරියේ දී ද එසේ කටයුතු කරන මෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම කොරෝනා ආසාදනය වීම වළක්වා ගැනීමේ උපාය මාර්ග යැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිහිපත් කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom