හමුදා පාලනයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර සිවිල් වැසියන් ඝාතනය වහා නවත්වන්නැයි මියන්මාර හමුදාපති ජනරාල් මින්ග් අවුන්ග් ලැයිංග් ට ආසියාන්ර සමුළුවේ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල විය.
'ආසියාන්' රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වුණු අතර, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල විරෝධය සහ අප්‍රසාදය මැද මියන්මාර හමුදාපති ජනරාල් මින්ග් අවුන්ග් ලැයිංග් ඊට සහභාගී විය.
මියන්මාරයේ සිවිල් වැසියන් ඝාතනය සම්බන්ධයෙන් 'ආසියාන්' රටවල රාජ්‍ය නායකයන් ජනරාල්වරයාට විරෝධය පළ කළේ එවිටය.
සිවිල් වැසියන් ඝාතනය නැවැත්වීමටත්, හමුදා අත්අඩංගුවේ පසුවන අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන නායකයන් වහා නිදහස් කරන ලෙසත් 'ආසියාන්' නායකයෝ හමුදාපතිවරයාට පැවැසූහ.
මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය. හමුදා පාලකයන්ට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන සිවිල් වැසියන්ට හමුදාව පහර දෙයි. එසේ පහරකෑමට ලක්වුණු සිවිල් වැසියන් 700 දෙනකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.
'ආසියාන්' සමුළුවේ සාමාජික රටවල් ගණන 10 කි. එම රටවල් වන්නේ, බෲනෙයි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමයයි.
කලාපීය ආරක්ෂාව, ආර්ථික, දේශපාලන සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් එක්වී එකමුතුව තීරණ ගැනීම 'ආසියාන්' සමුළුව හරහා සිදුවෙයි.
මියන්මාර හමුදාපති ජනරාල් මින්ග් අවුන්ග් ලැයිංග් සමුළුවට සහභාගී වීමට ඉන්දුනීසියාවේ ජකර්තා බලා පැමිණෙද්දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැං ලූන්, මැලේසියානු අග්‍රාමාත්‍ය මුහයිද්දීන් යසීන් කියා සිටියේ, ජනරාල්වරයාට සමුළුවට සහභාගීවීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, එම සමුළුවේදී සාකච්ඡා පවත්වමින්, ජනරාල්වරයාට තම විරෝධය දැක්විය යුතු බවත්ය.
සෙසු සාමජික රටවල් ද ඊට එකඟ වුණු අතර, ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ ස්ථාවරය ජනරාල් මින්ග් අවුන්ග් ට පැහැදිලි කරද්දී, ජනරාල්වරයා ඒ සියල්ල අවධානයෙන් අසා සිටි බව ද මාධ්‍ය වාර්තා පවසයි.
මියන්මාර අර්බුදයට මැදිහත් වී, එය සාමකාමී අයුරින් විසඳා ගැනීමට තමන් සහාය ලබා දෙන බව ද ආසියාන් සමුළුට එක්වුණු කලාපීය නායකයෝ අවධාරණය කළහ.
AFP