දැනදැන කොරෝනා පැතිරූ තරුණයා අත්අඩංගුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 25, 2021

දැනදැන කොරෝනා පැතිරූ තරුණයා අත්අඩංගුවට

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පතුරුවමින්, තවත් 22 දෙනකු ආසාදිතයන් බවට පත් කළ බවට චෝදනා එල්ල වූ ස්පාඤ්ඤ ජාතික තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

මැනකෝර් නමැති නගරයේ පදිංචි 40 හැවිරිදි මෙම තරුණයා කැස්ස සහ සෙල්සියස් අංශක 40 ට උණ තිබියදී සිය කාර්යාලයේ රාජකාරිවල යෙදී ඇති අතර, දිනපතා ව්‍යායාම ගැනීමට ශරීර සුවතා මධ්‍යස්ථානයකට පවා ගොස් තිබේ. 

ඒ, පීසීආර් පරීක්ෂණයකට ලක්වීමෙන් පසු කොවිඩ් ආසාදිතයකු යැයි තහවුරු වී එය සැමට වසං කරමිනි. 

ඔහුගේ පවුලේ සාමාජිකයන් 14 දෙනකුට ද වයිරසය ආසාදනය වී ඇත්තේ මෙම තරුණයාගෙනි. ඔවුන් අතර වසරක් වයසැති බිලිඳන් තිදෙනකු ද සිටින බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි. 

තරුණයා නිසා කොවිඩ් ආසාදනය වූ කාර්යාල සහගයන් ගණන පහකි. සෙසු පිරිස ශරීර සුවතා මධ්‍යස්ථානයේ ඔහු සමඟ එකට ව්‍යායාම ගත් අය යැයි පැවැසෙයි. 

මෙම තරුණයා කාර්යාලයට ගොස් ඇත්තේත්, ශරීර සුවතා මධ්‍යස්ථානයට ගොස් ඇත්තේත්, අනෙක් අයට වයිරසය ආසාදනය කරනවා යැයි පවසමිනි. 

පැලඳ සිටි මුහුණු ආවරණය පවා ඉවත් කරමින් ඔහු කාර්යාල සගයන් අසල ගැවසුණු බවට ද චෝදනා එල්ල වී ඇත. 

රොයිටර්

Classified_Ad